×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 20 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
රාජ්‍ය බැංකු තුනක සාර්ථකත්වය ජනපති අතට
කතෘ මණ්ඩලය 2026 අප්‍රේල් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාබය 2025 වසරේ වාර්තා කරලා. එම ලාබය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක්
2025 වසරේදී ලංකා බැංකුවට සියලු බදුවලට පෙර රුපියල් බිලියන 120.8ක ලාබයක්
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාබය 2025 වසරේ උපයලා
අංජුල මහික වීරරත්න
මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාබය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාබය 2025 වසරේ ලබා ගැනීමට සමත් වූ බවත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාබයක් 2025 වසරේ වාර්තා කර ඇති බවත් එම බැංකු සභාපතිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙන්වා දුන්හ.
මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (20) පස්වරුවේ පිළිගන්වමින් බැංකු සභාපතිවරු මේ බව ප්‍රකාශ කළහ.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු අදාළ වාර්තා මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.
මෙහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාබය 2025 වසරේ වාර්තා කර තිබෙන බවයි.
එම ලාබය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක් වන අතර බදු අය කිරීමෙන් පසු බිලියන 40ක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා පෙන්වා දුන්නේ වසර 87ක සිය ඉතිහාසයේ වැඩිම ලාබය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වූ බවත් එය සියලු බදුවලට පෙර බිලියන 120.8ක ලාබයක් බවත්ය. බදු වශයෙන් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාබය 2025 වසරේ උපයා ඇති බවයි. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට බිලියන 6ක් ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රතිපත්ති සමග ඉතා සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වු බව මෙහිදී පෙන්වා දුන් බැංකු ප්‍රධානීහු ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල වෙතින් ලැබුණු සුවිශේෂී සහායද සිහිපත් කර සිටියහ.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ අදාළ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අදහස් (0)
රාජ්‍ය බැංකු තුනක සාර්ථකත්වය ජනපති අතට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
රාජ්‍ය බැංකු තුනක සාර්ථකත්වය ජනපති අතට