IMG-LOGO

2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා


රජයේ නොපිය වූ ණය රුපියල් ට්‍රිලියන 30.5 ඉක්මවයි

 

  • ඉන් රුපියල් බිලියන 11,680ක් විදෙස් ණය 

මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මධ්‍යම රජය සතු නොපියවූ ණයෙහි වටිනාකම රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) වන බව මහ බැංකුව පවසයි. 

මෙය වසර ආරම්භයේදී පැවැති රුපියල් ට්‍රිලියන 29.99ක (රුපියල් බිලියන 29,994.69ක) ණය හා සැසඳීමේදී රුපියල් ට්‍රිලියන 0.539 ක (රුපියල් බිලියන 539.91ක) ඉහළ යෑමකි. 

මෙම ණය අතරින් රුපියල් බිලියන 18,853.43 ක් සමස්ත දේශීය ණය ලෙස සටහන්ව තිබේ. ඉන් භාණ්ඩාගාර බිල්පත් යටතේ වන ණය රුපියල් බිලියන 2,794.07ක් ලෙස සටහන්ව ඇති අතර, භාණ්ඩාගාර බැඳුම්කර යටතේ වන ණය රුපියල් බිලියන 15,756.07 කි. 

මේ අතර අප්‍රේල් මාසය අවසන් වන විට පැවැති සමස්ත විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,680.17 ක් ලෙස සටහන්ව තිබේ. එය වසර ආරම්භයේදී පැවැති රුපිය්ල බිලියන 11,319.36 ට සාපේක්ෂව රුපියල් බිලියන 360 ක ඉහළ යෑමකි.



අදහස් (0)

රජයේ නොපිය වූ ණය රුපියල් ට්‍රිලියන 30.5 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site