IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


රාජ්‍ය ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක්

  • බ්‍රිතාන්‍ය පවුම් 12,500ක වාර්ෂික නඩත්තු ගාස්තුවක් යටතේ කොන්ත්‍රාත්තුව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට

නිමල කොඩිතුවක්කු


රාජ්‍ය ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා සෘජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ලබා ගැනීම පිණිස 2024-10-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ලංසු ඇගයීම් කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් බ්‍රිතාන්‍ය පවුම් 12,500ක වාර්ෂික නඩත්තු ගාස්තුවක් යටතේ Commonwealth Meridian  මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ.



අදහස් (0)

රාජ්‍ය ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site