IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රාජ්‍ය අංශයේ සේවක​ෙයා් ලක්ෂ 2 කින් පහළට

 

  • පෞද්ගලික අංශයේ සේවක පිරිස ඉහළට
  • දෙවැනි කාර්තුවේදී රාජ්‍ය සේවක පිරිස 1,165,094 ක්
  • දෙවැනි කාර්තුවේදී පෞද්ගලික අංශයේ සේවක පිරිස 3,814,313 ක්
  • ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි කාර්තුවේදී 8,491,296 ක් දක්වා ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේදී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 2 කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පළමු කාර්තුවේදී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේදී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩිවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

එසේම පළමු කාර්තුවේදී a 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි කාර්තුවේදී 8,491,296 ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාවට වඩා අක්‍රීය ජනතාව ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.



අදහස් (0)

රාජ්‍ය අංශයේ සේවක​ෙයා් ලක්ෂ 2 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site