IMG-LOGO

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා


රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමෙන් ආකර්ෂණීය මාසික පොලී ගෙවීම් සහිත ස්ථාවර තැන්පතුවක්

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ශක්තිමත් කරයි
විශ්‍රාමිකයන් සඳහා ස්ථාවර ආදායමක් සමග මූල්‍ය ආරක්ෂාව අතිශයින් වැදගත් වන මෙවැනි කාලයක, රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම මාසික පොලී ගෙවීම්වලට විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරිපත් කරන ලද මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම ප්‍රාග්ධනය ආරක්ෂා කර ගනිමින්, විශ්වාසදායක සහ ස්ථාවර ආදායම් මාර්ගයක් ලබා ගැනීමට හැකිවන සේ සැලසුම් කර ඇත.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා නිර්මාණය කර ඇති මෙම ස්ථාවර තැන්පතු විවිධ කාලසීමාව සඳහා මාසික පොලී ගෙවීම් ලබා දෙමින් ඔවුන්ට ස්ථාවර මෙන්ම විශ්වාසනීය ආදායමක් සපයයි. සුවිශේෂී මාස 25 කාලසීමාවක්ද මේ සඳහා ඇතුළත් වන අතර එම තැන්පතුව හරහා වර්තමානයේ පවතින ඉහළම පොලී අනුපාතවලින් එකක් ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම යෝජනාව යටතේ මාස 12 ක ස්ථාවර තැන්පතු සඳහා සියයට 11.09 ක ආකර්ෂණීය පොලී අනුපාතයක්ද, මාස 25 ක ස්ථාවර තැන්පතු සඳහා සියයට 12.50 ක ඉහළ පොලී අනුපාතයක්ද පිරිනමනු ලබයි. විශේෂයෙන්, මාස 25 තැන්පතුව සඳහා සියයට 13.24 ක වාර්ෂික සමාන පොලී අනුපාතයක් (AER) හිමිවනු ලැබේ. මාසික ජීවන වියදම් සහ විශ්‍රාම ජීවිතය සුවපහසු ලෙස සැලසුම් කිරීමට උපකාර වන මෙම යෝජනාව හරහා දිගුකාලීන ආයතනික ස්ථාවරත්වය සමග විශ්වාසනීය ආදායම ඒකාබද්ධ කිරීම කෙරෙහි සමාගම සතු වූ අවධානය පිළිබිඹු කරයි.
මෙම පිරිනැමීම රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමෙහි ශක්තිමත් මූල්‍ය මූලධර්ම සහ පාලන රාමුව මගින් ශක්තිමත්ව ඇත. සමාගමට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ‘A(lka)’ ෆිච් ශ්‍රේණිගත කිරීමක් හිමිවන අතර, එය විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ මූල්‍ය ශක්තිය පිළිබිඹු කරයි. අදාළ තැන්පතු ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන බැවින්, ඒ හරහා තැන්පත්කරුවන්ට අමතර විශ්වාසයක් ලබා දෙයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී ලෝහික ෆොන්සේකා මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම විශ්‍රාමිකයන් සඳහා විනිවිදභාවයෙන් යුතු, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහිත පරිසරයක් තුළ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශ්වාසදායක, මාසික ආදායම මත පදනම් වූ ඉතිරි කිරීම මගින් විශ්‍රාමිකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සමාගමේ ප්‍රමුඛ අභිලාෂයක් බවයි. නියාමන අධීක්ෂණය සහ විශ්වාසය මගින් සහාය වන වගකිවයුතු මූල්‍ය විසඳුම් සඳහා සමාගමේ පුළුල් කැපවීම මෙම යෝජනා ක්‍රමය හරහා පිළිබිඹු වන බව ඔහු තවදුරටත් පැවසීය.
දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සමග රිචඩ් පීරීස් ෆිනෑන්ස් සමාගම සරල ලියකියවිලි ප්‍රමාණයකින් සහ සුහදශීලී සේවා සහිතව දිවයිනේ ඕනෑම ශාඛාවකින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සේවා ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි කටයුතු සලසා ඇත. තවද ශාඛා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට ගැලපෙන මගපෙන්වීම සහ සහාය නිබඳවම ලබාදීමට සමාගම කටයුතු කරන බවට සහතික කළ හැක.
රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන අතර සුපිරි වෙළෙඳසල්, නිෂ්පාදන, වැවිලි, මූල්‍ය සේවා, රක්ෂණ වැනි ව්‍යාපාරවල නිරත ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාඩම්බර සාමාජිකයෙකි. සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය සඳහා ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළත් වන අතර එමගින් මූල්‍ය ස්ථාවරය සහතික කිරීම පාරිභෝගික විශ්වාසය සහ තිරසාර වර්ධනය සඳහා ඉතාමත් ශක්තිමත්ව හවුල්කරුවන් සේ ක්‍රියා කරයි.



අදහස් (0)

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමෙන් ආකර්ෂණීය මාසික පොලී ගෙවීම් සහිත ස්ථාවර තැන්පතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site