×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
රේගුවේ ආදායම් ඉලක්කයෙන් සියයට 90ක් සපුරා අවසන්
කතෘ මණ්ඩලය 2025 ඔක්තෝබර් මස 23
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මෙම වසරේ ශ්‍රී ලංකා
රේගුවේ ආදායම්
ඉලක්කය රු.බි. 2,115 ක්
පසුගිය වසරට සාපේක්ෂව
සියයට 36.2 ක වර්ධනයක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ ආදායම් ඉලක්කයෙන් සියයට 90 පසුගිය 20 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව සපුරා අවසන් බවත් මෙම වසරේ සෑම මසකම ආදායම් ඉලක්කය සැලකිය යුතු ප්‍රමාණයකින් රේගුව පසුකර තිබෙන බවත් නවතම දත්ත වාර්තා පෙන්නුම් කළේය.
මෙම වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 2,115 ක ආදායම් ඉලක්කයක් තිබෙන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 36.2 ක වර්ධනයකි. පසුගිය වසරේදී රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,553 ක් විය. පසුගිය 20 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,906 ක ආදායමක් උපයා තිබූ අතර, එය මෙම වසරේ ආදායම් ඉලක්කයෙන් සියයට 90 ක ප්‍රතිශතයකි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 253.2 ක් වාර්තාගත ආදායමක් උපයා ගෙන තිබූ අතර, පසුගිය 16 වැනිදා ඉතිහාසයේ එක් දිනකදී ශ්‍රී ලංකා රේගුව උපයා ගත් වැඩිම අදායම වූ රුපියල් බිලියන 24.9 මුදල උපයා ගෙන තිබිණි.
ශ්‍රී ලංකා රේගුවේ මෙම ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ රේගුවට මෙම වසරේ ආදායම් ඉලක්කය පහසුවෙන් පසුකර යා හැකි බවයි.
අදහස් (0)
රේගුවේ ආදායම් ඉලක්කයෙන් සියයට 90ක් සපුරා අවසන්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
රේගුවේ ආදායම් ඉලක්කයෙන් සියයට 90ක් සපුරා අවසන්