IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


රක්ෂණය ජනතාවට සමීපකිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරන්න පුළුවන්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට රක්ෂණයක් ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට රක්ෂණ ක්ෂේත්‍රයට දායකත්වය ලබාදිය හැකි යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
නිවැරදි තොරතුරු මත පදනම්ව රක්ෂණයක් ලබා ගැනීමට බලාපොරොත්තුවන්නන් දැනුවත් කිරීම සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද, රක්ෂණ ක්ෂේත්‍රය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සමීප කරවීමෙන්ද, රක්ෂණ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමෙන්ද මෙරට දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට රක්ෂණ ක්ෂේත්‍රයට හැකියාව තිබෙන බවද සූරියප්පෙරුම මහතා පැවැසුවේය.
රක්ෂණ ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා, අනාගත සැලසුම් සහ රජයේ දායකත්වය කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව රක්ෂණ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 



අදහස් (0)

රක්ෂණය ජනතාවට සමීපකිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site