IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවලා

  • දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය
  • භූතානයේ රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 60 බදු ගෙවීමට ලියාපදිංචි වෙලා
  • ශ්‍රී ලංකාවට වඩා අඩු බදු ගෙවනන් පිරිසක් සිටින්නේ පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ පමණයි

විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය වසරේදී මෙරට රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවා ඇති බවත් ඒ අනුව රැකියාවක් කරන වයසේ සිට වැඩිම පිරිසක් බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී සිටින දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිවන බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

භූතානය, නේපාලය සහ ඉන්දියාව වැනි රටවල ශ්‍රී ලංකාවට වඩා ලියාපදිංචි බදු ගෙවන්නන් සිටින බවත් භූතානයේ රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 60 බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.

ශ්‍රී ලංකාවට වඩා අඩු බදු ගෙවනන් පිරිසක් සිටින්නේ පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ පමණක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

ඒ අනුව දකුණු ආසියාවේ රැකියාවක් කළ යුතු වයසේ සිටින වැඩිම පිරිසක් බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී සිටින රට භූතානය බවත් එහිදී දෙවැනි, තෙවැනි ස්ථාන පිළිවෙළින් නේපාලයට සහ ඉන්දියාවට හිමිවන බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

නේපාලයේ සියයට 17.3 ක සහ ඉන්දියාව සියයට 12.9 ක රැකියාවක් කළ යුතු වයසේ සිටින පිරිසක් එම රටවල බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී සිටින බවද එම වෙබ් අඩවිය පැවැසුවේය.

 



අදහස් (0)

රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site