IMG-LOGO

2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා


රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ගාල්ලේ

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව වෙතින් සංවිධානය කළ ගාල්ල රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන හෝල්ඩි ගෝල් පරිශ්‍රයේදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා එක්වෙමින් ස්ටාගාමන්ට් පුද්ගලික සමාගමේ විධායක උප සභාපති ක්‍රිෂාන්ත සම්පත් මහතා සහභාගී වෙමින් වර්තමාන වැඩ ලෝකය හා පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු වන කුසලතා පිළිබඳව විශේෂ දේශනයක් ද පවත්වන ලදී.

මේ අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ආයේෂා කාරියවසම් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නලින්ද උදය කුමර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී රොෂාන්ත බෝපගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව, දේශීය රැකියා ආයතන, පුහුණු ආයතන, ත්‍රිවිධ හමුදා ආයතන, විදේශ රැකියා ආයතන, උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ව්‍යවසායක ආයතනවල නියෝජිතයන් මෙන්ම තරුණ තරුණියන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ගාල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site