IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


රැ. මි. 626 ක ආයෝජනයකින් ‘ ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව’

නිමල කොඩිතුවක්කු 


ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සියලු‍ම රජයේ සේවකයින් සඳහා සන්නිවේදනය සහ සහයෝගිතාව සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 626 ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ ‘ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව‘ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.



අදහස් (0)

රැ. මි. 626 ක ආයෝජනයකින් ‘ ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව’

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site