IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


යහපාලන සම්මානය ලංකාවට ලැබෙයිද?

මේ, මෙම වසරේ සැප්තැම්බර් අග භාගය යයි සිතමු. එසේ වූ කල ලෝක පාලන සංසදය යහ පාලන සම්මානයන් ප්‍රකාශයට පත් කළේ මේ නොබෝදාය. ජයග්‍රහකයාගේ නම නිවේදනය කිරීමට පෙර කිසිදු ආතතියක් නොතිබිණි. ජයග්‍රහණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව බව මාස ගණනාවක් තිස්සේ නියත ලෙසම පෙනී ගියේය. සම්මානය ප්‍රදානය කරන ලද්දේ පසුගිය මාස 12 පුරා පාලනය සම්බන්ධයෙන් අත් කරගත් අභිවාද්ධියටය. 

විනිසුරුවන්ගේ මුවින් මෙවැනි වාග් ධාරා නිකුත් විය. “මෙවැනි කෙටි කාල පරිච්ඡේදයක් තුළ එවැනි ධනාත්මක සාමකාමී පරිවර්තනයක් ලෝකයා නොදුටු තරම්ය. මින් පෙර පැවති ශ්‍රී ලාංකීය ආණ්ඩු ගොඩ නගන ලද්දේ මුදල් ඉපයීමේ චේතනාවෙන් බලය පරිහරණය කරන්නට නැඹුරු වූ ප්‍රභූ මට්ටමේ දේශපාලන මෙහෙයුම් කරුවන්ගේ අස්ථාවර සභාග ඔස්සේය. ඔවුන්ගේම පටු අරමුණු උදෙසා රිසි පරිදි ඔවුහු වාර්ගික ගැටුම් ඇවිළුවෝය. ආර්ථික උපාය මාර්ග ඔවුනට නොතිබිණි. දරුණු විදේශ විනිමය අර්බුදයකට ආර්ථිකය තල්ලු කර දැමූ ඔවුහු අනතුරුව හුදු අදක්ෂභාවය නිසාම 2022 මුල් භාගය වන විට ණය අර්බුදයකට ආර්ථිකය ඇද දැමුවෝය.” 

සාර්ථක ලෙස පළාත් පාලන පාර්ලිමේන්තු මැතිවරණ හා ජනාධිපතිවරණ ජය ලබා පෘථුල ලෙස ඡන්දදායක ආකර්ෂණය ලැබූ තනි දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් යුතුව ශ්‍රී ලංකාව සතුව දැන් ස්ථාවර රජයක් පවතී. අලුත් රජය මේ දක්වා කිසිදු මහා පරිමාණ පරිපාලන, දේශපාලන හෝ ප්‍රතිපත්තිමය වැරදි සිදු කළ බවක් පෙනෙන්නට නොමැතිය. කිසිදු ගනයේ දූෂණ ක්‍රියාවකට හවුල් වූ සෙයක් නොපෙනේ. පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම මෙම රජය යළි පවත්වාගෙන යන්නට ප්‍රතිඥා දී ඇත. අනෙකුත් වැදගත් ආසියානු රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ දරා ඇත. 

අතිශය දරිද්‍රතාවෙන් පෙළෙන නිවැසියන්ට මුදල් ප්‍රදානය ලබා දෙනු වස් අස්වැසුම වැඩ සටහනට අමතර රාජ්‍ය සම්පත් යොදා තිබේ. අමතර බදු මුදල් ඒක රාශී කරණය උදෙසා වූ ඉලක්ක සපුරාගෙන ඇත. විදේශ ආයෝජකයෝ වැඩි උනන්දුවක් පෙන්වා ඇත. 

පෙර පැවැති ආණ්ඩු යටතේ තිබුණු දූෂණයට හා බලය අවභාවිතාවට සම්බන්ධ අධිකරණයේ පැවැති නඩු විශාල සංඛ්‍යාවක් නැවත විමසීමට ගෙන ඒවාට තිබූ අවහිරතා මුදා හැර තිබේ. ලෝකයේ සෑම තැනම මෑතදී බලයට පත්වුණු බොහෝ ආණ්ඩු වල ජනප්‍රියත්ව සැනෙකින් බිඳ වැටී ඇත. එය ශ්‍රී ලංකාවේ සිදු වී නොමැත. 

සාර්ථක බව, නිසැක බවින් බොහෝ ඈතය:-

ඔව්, ශ්‍රී ලංකාවට සුබ පැතුම්! එහෙත් 2026, 2027, 2028 යහපාලන සම්මාන සම්බන්ධයෙන් කුමන තත්වයක් එළඹේද? ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය ලැබේවිද? ඒ සඳහා අවස්ථාවක් ඊට පවතී. එහෙත් සාර්ථකත්වය නිශ්චිත බවෙන් බොහෝ ඈතය. මේ වසරේ පළමු ස්ථානයට එන්නට භාවිත කළ ක්‍රම වේදය බොහෝ කල් අවුරුදු කිහිපයකට අල්ලා හිටින ක්‍රමවේදයක් නොවන්නට පිළිවන. 

2024 සැප්තැම්බර් මාසයේ පටන් රට පාලනය කරන ලද්දේ බොහෝ දුරට හදිසි අවස්ථාවල භාවිත කරන ක්‍රමවේදයකිනි. එය යම් තරමකට සාර්ථක වූ අතර, එය පදනම් වී තිබුණේ අසාමාන්‍ය ආකාරයේ ඉහළ මට්ටමේ ශක්තියකිනුත්, උනන්දුවකිනුත් ජනාධිපතිවරයා හරහා රාජ්‍ය මන්ත්‍රීවරුන් හා අනෙකුත් ජා.ජ.බ. පාක්ෂිකයන්ගේත් කැපවීම තුළිනි. එය අඛණ්ඩව ක්‍රියාත්මක නොවන්නා සේය. ඇතැම් අපේක්ෂාවන්ට වෙනස්ව යමින් ජා.ජ.බ. ආණ්ඩුව, එහි බොහෝ සාමාජිකයන්ගේ කළින් ආණ්ඩුවේ අත්දැකීම් සීමිත වීම හේතු කොට ගෙන අවාසියකට මුහුණ නොදුන්නේය. එය හොඳින් සූදානම් වී තිබුණු බව දිස්වුනු අතර, එහි සම්පත්වලින් උපරිමය ඉටු කරගන්නා ලද්දේ, වඩාත් බලසම්පන්න, සංවිධිත වූ හා විනයක් සහිත දේශපාලන පක්ෂයක් වූ බැවිනි.

විශ්වාසය පළමු වැනි විශාලතම ගැටලුවයි. දෙවැන්න එය සමග එකට වෙළී පවතී. එනම් රාජ්‍ය සේවාව නිපුණතාව හා කැපවීම අතින් අතිශය පහළ මට්ටමේ පසුවීමය. රාජ්‍ය සේවාව බොහෝ කලකට පටන් පහත වැටී තිබෙන අතර දළ වශයෙන් එම කාලය 70 වසරකි. බොහෝ අයට ඊට වඩා වැදගත් කම අතින් හොඳ යමක් ඇත්තේ දැයි සිතා ගැනීමටවත් අසීරු විය හැකිය.

ණය ගැටලුව සහ ගෝලීය ආර්ථික පරිසරයේ අඛණ්ඩ අස්ථාවර භාවයට අමතරව එය විශාල දේශපාලන අභියෝග දෙකකට මුහුණ දුන්නේය. පළමු වැන්න ජාජබ පක්ෂ සාමාජිකත්වයට පිටස්තර කවුරුන් කෙරේ විශවාසය තැබිය යුත්තේද යන්නය. රාජ්‍ය සේවාවේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් සහ බොහෝ දුරට බොහෝ රාජ්‍ය ආයතන දූෂිතය. එම ආයතනවලට 2024 නොවැම්බරයේ පාර්ලිමේන්තුවෙන් ඉවත්වූ දේශපාලන පන්තියේ සෙවනලත් මූලාංගයන්ට, දේශපාලන හෝ පෞද්ගලික සම්බන්ධතා ඇත්තේය.

එම දේශපාලන පන්තියේ ඇතැම් සාමාජිකයන් විශාල ධන සම්භාරයක් රැස්කරගෙන, ඒවා ජාජබය සෝදාපාළුවට ලක් කරන්නට සූදානම් කරගෙන සිටින්නේ, එවිට ඔවුන්ට නැවත බලයට පැමිණ, මහජන ධනය නැවත කොල්ලකමින්, මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ සිය කාර්යභාරය අඛණ්ඩව ඉටුකරගෙන යා හැකි නිසාය. පොලිසියද විශේෂයෙන් ගැටලු සහගත වන්නා සේ පෙනී යයි. ඔවුන්ගෙන් ඇතැම් අය දේශපාලනඥයන් සමග එක්ව මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැළෙමින්, මැතිවරණයෙන් අනතුරුව මතුවූ ගිනි අවි අපරාධ වැඩි වීමට වගකීම කොතෙක් දුරට බෙදා හදා ගත යුත්තේද යන්න පැහැදිලි නැත.

විශ්වාසය හා නිපුණතාව

විශ්වාසය පළමු වැනි විශාලතම ගැටලුවයි. දෙවැන්න එය සමග එකට වෙළී පවතී. එනම් රාජ්‍ය සේවාව නිපුණතාව හා කැපවීම අතින් අතිශය පහළ මට්ටමේ පසුවීමය. රාජ්‍ය සේවාව බොහෝ කලකට පටන් පහත වැටී තිබෙන අතර දළ වශයෙන් එම කාලය 70 වසරකි. බොහෝ අයට ඊට වඩා වැදගත් කම අතින් හොඳ යමක් ඇත්තේ දැයි සිතා ගැනීමටවත් අසීරු විය හැකිය.

දේශපාලකයන්ගේ වචනය මත සේවයට බඳවා ගැනීම, පොදුවේ දේශපාලනීකරණය වූ මෙහෙයුම්, පහත වැටෙන වැටුප්, මෙහෙයුම් අය වැය අතුරුදන්වීම, සේවක සංඛ්‍යාව පමණට වඩා වැඩි වීම, කුසලතාව හැරුණු කොට වෙනත් නිර්ණායක මත උසස්වීම් ලබාදීම, වෘත්තීය සමිතිවාදය ආරක්ෂා කිරීම, තාක්ෂණික පසුබෑම යන සියල්ල අද අප ඉදිරියේ පවතින පීඩාකාරී පින්තූරය දිස්වීමට දායක වී තිබේ. පෙර පැවැති ආණ්ඩු රාජ්‍ය සේවා කෙරේ අඩු බලාපොරොත්තු තබා ගනිමින්, උපායමාර්ගික තනතුරුවලට, කාර්ය ඉටු කිරීමෙන් පසු මුදල් ඉපයීමේ අවස්ථා සලසා දෙමින් දක්ෂයන් බාහිරින් තනතුරුවලට බඳවා ගන්නා මිශ්‍ර ක්‍රියාමාර්ගයකින් කටයුතු කළමනාකරණය කර ගත්හ. ඒවා ජාතික ජන බලවේගයට විකල්ප ක්‍රියාමාර්ග නොවන්නේය. වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවාව ක්‍රියාකාරී කරවීම ඊට අවශ්‍යය. ප්‍රධාන තනතුරුවලට යම් දුරකට (ටික දෙනෙකුට) එය බාහිරින් පත් කර ගත්තද එහිදී ඔවුන් සුපිරිසුදු චර්යාවෙන් යුතු අය වන්නේද යන්න තහවුරු කරගත් අතර ඇතැම්විට ගෙවීමකින් තොරව වැඩට බඳවා ගන්නා ලදී. 

එහෙත් මෙතෙක්දුරට ජා.ජ.බ. ය හොඳින් පාලනය කර ඇත. එසේ වුවද ඒ බොහෝ සෙයින් හදිසි අවස්ථා හෝ ප්‍රචාරක මාදිලියෙනි.

බලය දැඩි ලෙස, පළමුව ජනාධිපතිවරයා තුළත්, අනතුරුව ඔහුට සමීප ජ්‍යෙෂ්ඨ ජ.වි.පෙ. සාමාජිකයන් අතලොස්සක් අතරෙන් අනතුරුව අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ තනතුරු අතරෙත් දැඩි ලෙස සංකේන්‍ද්‍රණය වී පවතී. මේ බොහෝ දෙනා, ජා.ජ.බ.ය සමග අඛණ්ඩව නියැලී සිටින අතර, විශේෂයෙන් පක්‍ෂ සාමාජිකයෝ සිය මැතිවරණ කොට්ඨාසවල, තමන්ගේ සාමාජිකයන්ට කුමක් අවශ්‍යවේද යන්නට කන්දෙමින් තමන් කුමක් කරන්නේද යන්න විග්‍රහ කරමින් පසුවෙති. ජා.ජ.බ. ය තුළ ඉතා අසමාන ලෙස බලය බෙදී ගොස් තිබුණත් ආණ්ඩු කරන පක්‍ෂය එය වන්නේය. බොහෝ දුරට එය සාර්ථකව ක්‍රියාත්මක වේ. එහෙත් එය 2027 නැවත යහපාලන සම්මානය දිනා ගැනීමට ප්‍රමාණවත් වේද? ඊට අදාළ අවදානම් සහගත තත්වයන් තුනක් මෙම දකිමි. 

අවදානම් සහගත තත්ව 

පළමුවැන්න බලයේ සිටින අමාත්‍යවරුනට සහ අනෙකුත් අයට, අවශ්‍ය පෞද්ගලික දේශපාලන හා පරිපාලන සහාය ලැබෙන්නේ මඳ වශයෙනි. දිනපොත්වල පාලනය භාරව සිටින පෞද්ගලික ලේකම්වරු, අමාත්‍යවරයා හමුවීමට එකඟ විය යුත්තේ කා සමගද එසේ එකඟ නොවිය යුත්තේ කා සමගද යන්නත්, රහස්‍ය කාරණා කළමනාකරණ කර ගැනීමටත් දනිති. කාර්ය මණ්ඩල ප්‍රධානීන් සහ ඔවුන් යටතේ සිටිනා, කැබ්නට් පත්‍ර හා අනෙක් ලේඛන කියවන අයට, අමාත්‍යවරයා අවධානය යොමු කළ යුත්තේ කවර කාරණා වලටද යන්න කිව හැකිය. සියලු තීරණ වාර්තා ගත කිරීමත්, ඒ අනුව පසු විපරම් කිරීමත්, එකඟවූ කුමන කාරණා ඉටු කර ගත යුත්තේද යන්නත් ඔවුහු දනිති. මෙවැනි සහයෝගයකින් තොරව අමාත්‍යවරයාගේ කටයුතු දැඩි අසීරු වන අතර ඒවා ඵලදායිතාව අතින්ද අඩුවන සෙයක් පෙනේ. 

දෙවැන්න රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දැඩි වෙහෙසට පත්වීමට ඉඩ තිබීමයි. ඔවුහු හුදෙක් සාමාන්‍ය අමාත්‍යාංශ හෝ මන්ත්‍රී කාර්ය භාරයන් පමණක් ඉටු නොකරති. මන්දයත් මේ නිර්ව්‍යාජ පක්‍ෂ ආණ්ඩුවක් බැවිනි. බලයේ ඉන්නා උදවියට ජාතික වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් පක්‍ෂය සමග දීර්ඝ කාලයක් අන්තර් ක්‍රියාවේ යෙදෙමින් කාලය ගත කරන්නට සිදුවේ. මේ සඳහා වැඩි කාලයකුත්, ශක්තියකුත් වැය වේ. පෙර පැවැති ආණ්ඩුවල බොහෝ දේශපාලකයින් මෙන් නොව ජා.ජ.බ. පාක්‍ෂිකයන්ට නකලස් කඳුකරයේ හෝ නුවර වැව අද්දර නිවාඩු නිකේතන ඉදිකරන්නට දේශපාලන බලපත්‍ර හෝ මුදල් නැති තරම්ය. ඉඳහිට සතියක් සිංගප්පූරුවේ හෝ ඩුබායි හි පවුල සමග කාලය ගත කරන්නට අවසරයක් ඔවුනට ඇත්තේද නැත. ඔවුන් කාලයක් විවේක ගැනීමේ අවශ්‍යතාවක් මතු වෙන්නට පිළිවන. 

තුන්වැන්න 2027 වනවිට අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරුන්ට හා අනෙකුත් ජ්‍යෙෂ්ඨයින්ට දැනට පවතින මට්ටමෙන් ශක්තිය යෙදවීමට අභිප්‍රේරණයක් නැතිවන්නට ඉඩ තිබේ. අඩු වැටුප් යටතේ තම කාර්ය කිරීමට මුළුමනින් පෙළඹෙන්නට කාලයක් නැතිවන්නටද ඉඩ තිබේ. අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු එවිටත් තම වැටුප පක්‍ෂයට මාරු කොට, ඉන් දීමනාවක් ඇද ගන්නට කැමති වේද? මන්ත්‍රීවරයකු ලෙස කරන සේවාව තවදුරටත් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නක් නොවේ. තමුන් විසින්ම හිතාමතා ජවිපෙයට කැපවීමෙන් කරන ආත්ම පරිත්‍යාගය රස විඳීම ඇතැමුන් අත හරින්නට ඉඩ තිබේ. 

මෙම අභියෝග තුනට, කිසිදු යහපත් ප්‍රති උත්තරයක් හෝ පියවර වශයෙන් ඊට හවුල් වීමේ ප්‍රායෝගික විධියක්ද නැත. දැඩි සදාචාර මූලධර්මයන් සහ විනයකින් තනිකර පක්‍ෂ මෙහෙයවීමකින් පාලනය කිරීම පසුගිය මාස කිහිපයේදී බොහෝ දුරට සාර්ථක වී තිබේ. මූලිකාංග පවතින බවට විශ්වාසය තැබිය හැකිය. එහෙත් ඇතැම් හැඩගැස්වීම් අවශ්‍ය වනු ඇත. පක්‍ෂය, බලය නිසා දූෂණයට ලක්වී ඇති ආකාරය පිළිබඳ තොරතුරු විවේචකයන් විසින් පතුරුවා හරින්නට පෙරාතුව ඒවාට සූදානම් වී, ඡන්දදායකයන්ට ඒවා පැහැදිලි කිරීම යෝග්‍ය වේ. 



අදහස් (0)

යහපාලන සම්මානය ලංකාවට ලැබෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site