IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


යාල් පානම් වෙළෙඳ දැක්මේදී


මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා


උතුරු පළාතේ වෙළඳ නවෝත්පාදන සහ තිරසාරබව ශක්තිමත් කිරීමේ අරමුණින් වසරක් පාසා සංවිධානය කල යාල්පානම් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශණය (JITF) පසුගියදා දහසයවැනි වරටත් යාපනය මුත්‍ර වේලි ක්‍රිඩාංගනයේ දින තුනක් පුරා  පැවැත්විණි.

උතුරු ජන ජීවිත සහ  ආරථිකය වැඩිදියුණු කිරීමට අවශ්‍ය වේදිකාව සකසන මෙම බහුවෙළඳ ප්‍රදර්ශනයේ උතුරට ආවේනික කාන්නාවන්ගේ ආහාර සහ අත්කම් සඳහාද වැඩි ඉඩක් වෙන්කොට තිබීම විශේෂත්වයකි.

රටේ දැවැන්ත වෙළඳ සමාගම් මෙම ප්‍රදර්ශණයට එක්ව සිටි අතර සිය පාරිභොගික ප්‍රජාවට විශේෂ වට්ටම් වරප්‍රසාද ලබා දීමටද ඔවුන් පියවරගෙන තිබුණි. මෙම වෙළඳ ප්‍රදර්ශණය යාල්පානම් වාණිජ හා කර්මාණ්ත මන්ඩලය හා ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා   පෞද්ගලික සමාගම සංවිධානය කොට තිබුණි.



අදහස් (0)

යාල් පානම් වෙළෙඳ දැක්මේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site