IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


යූරියා ටෙන්ඩරය සිංගප්පූරුවේ Valency සමාගමට

නිමල කොඩිතුවක්කු


වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ට්ලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025.05.26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 
ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03 ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, යූරියා මෙට්‍රික්ටොන් 15,000+/-5% සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලකට සිංගප්පූරුවේ M/s Valency International Pte. Ltd වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

යූරියා ටෙන්ඩරය සිංගප්පූරුවේ Valency සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site