IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


යූරියා ටොන් 15,000 ක් ආනයනය කෙරේ


නිමල කොඩිතුවක්කු


ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මගින් යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් පෞද්ගලික අංශයේ සමාගම් හා තරගකාරී අයුරින් 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර ගොවීන් වෙත අලෙවි කිරීම සඳහා 2023-07-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ඉදිරි කන්නය සඳහා විවෘත වෙළෙඳපොළ තුළ ඍජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

යූරියා ටොන් 15,000 ක් ආනයනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site