IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 ට අඩුකරයි

විමුක්ති එස් රුද්‍රිගු

යුරෝපා සංගමයේ අපනයන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා පහළ දැමූ බව ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය සහ ඇමෙරිකාව  පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹි බවත් ඒ යටතේ මෝටර් රථ ඇතුළු යුරෝපා සංගමයේ නිෂ්පාදන බොහොමයකට සියයට පහළවක තීරු බද්දක් පැන වෙනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.

කෙසේ නමුත් ගුවන් යානා අමතර කොටස්, ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන හා රසායනික ඇතුළු නිෂ්පාදන කීපයක් තීරු බද්දෙන් නිදහස් වනු ඇතැයිද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වෙෙළඳ ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 750 ක බලශක්ති නිෂ්පාදන යුරෝපා සංගමය ඇමරිකාවෙන් මිලදී ගනු ඇති බවත් ඇමෙරිකාවේ සිදුකර ඇති සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 600 දක්වා ඉහල දමනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.

එසේම යුද උපකරණ මිලදී ගැනීමට විශාල ඇණවුමක් යුරෝපා සංගමය ඇමරිකාවට ලබා දෙනු ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ සභාපති වොන්ඩර් ලින් සහ ජනපති ට්‍රම්ප් අතර පෙරේදා (27) ස්කොට්ලන්තයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙ​ෙළඳ ගිවිසුම ප්‍රසිද්ධියට පත් කළේය.



අදහස් (0)

යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 ට අඩුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site