
රංජන් කස්තුරි
යුරෝපා සංගමයේ සහ ජර්මානු ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 1,75,000 ක් සවි බල ගැන්වූ බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපාරය (SCOPE) හරහා ක්‍රියාත්මක කළ “එකමුතුකමේ දෝංකාරය’’ මැයෙන් වූ වැඩසටහන හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම සිදුකළ බවද තානාපතිවරයා කීවේය.
එම වැඩසටහනට යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම අරමුදල් සැපයූ බවද යුරෝපා සංගම් තනාපතිවරයා සඳහන් කළේය. ඉකුත් 2022 වසරේ මාර්තු මාසයේ ආරම්භ කළ මෙම වැඩසටහන රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කළ බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමග හවුල් හවුල්කාරීත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කළ බවද එම සංවිධානය සඳහන් කරයි.
රට පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එකමුතු බවේ දෝංකාරය නමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකළ අතර, ඒ සඳහා රජයේ සහ සිවිල් සමාජ හවුල්කරුවන් පනහකට අධික පිරිසක් සහභාගී කරගත් බව ද මොරේනෝ මහතා කීවේය. එම වැඩසටහනේ සමාප්ති උළෙල ඉකුත්දා කොළඹදී පැවැති අතර, එහිදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් යුමන් මහතාද අදහස් දැක්වීය.
එම සමාප්ති උළෙලට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුෆර් මහතා, සම්භාවනීය අමුත්තන්, තානාපති නිලධාරීන්, ව්‍යවසායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
යුරෝපා සංගමයේ සහ ජර්මානු ආධාර ඇතිව කුඩා - මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 175,000 ක් සවිබල ගන්වලා