යුනියන් බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනයවන පෞද්ගලික වාණිජ බැංකුවක් ලෙස සිය නාමය තවදුරටත් තහවුරුකර ගනිමින්, 2025 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස නවයක කාලය තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.
එම මාස නවයක කාලය තුළ යුනියන් බැංකුව, රුපියල් මිලියන 1,178 ක සියලු බදු පෙර ලාභයක් (PBT) වාර්තා කළ අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 52 ක කැපීපෙනෙන වර්ධනයකි. සාර්ථක ක්‍රමෝපායික සැලසුම් සහ දූරදර්ශී මුල්‍ය කළමනාකරණය හේතුවෙන් යුනියන් බැංකුවේ බදු පසු ලාබය රුපියල් මිලියන 343 ක් ලෙස වාර්තා වූ අතර, එය සියයට 194 ක විශිෂ්ට වර්ධනයකි.
අඛණ්ඩ ව්‍යාපාරික පුළුල් කිරීම් සහ මූලික සහ මූලික නොවන ක්‍රියාකාරකම් හරහා ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබිඹු කරමින් බැංකුවේ දළ ආදායම සියයට 7කින්, රුපියල් මිලියන 13,199 ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම, ශක්තිමත් ණය වර්ධනය සහ ඵලදායී ආන්තික කළමනාකරණය හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) සියයට 11 කින්, රුපියල් මිලියන 3,981 ක් දක්වා වර්ධනය විය. තවද, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද සියයට 39කින්, රුපියල් මිලියන 1,133ක් දක්වා වර්ධනය විය. ඉහළ ගනුදෙනු ප්‍රමාණය, ඩිජිටල් ක්‍රම භාවිතය සහ වෙළෙඳාමට අදාළ සේවා මත පදනම් වූ එම ආදායම හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 19 කින්, රුපියල් මිලියන 5,705ක් දක්වා ඉහළ ගියේය.
යුනියන් බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් රුපියල් මිලියන 1,106 ක් දක්වා සියයට 41 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. සියයට 14 ක මෙහෙයුම් වියදම් ඉහළ යාමක් මධ්‍යයේ වුව ද ඩිජිටල් යටිතල පහසුකම් සහ ධාරිතා වර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජන සිදු විය.
ශක්තිමත් ණය අවදානම් කළමනාකරණය සහ පූර්ව සේවා පෙළ අධීක්ෂණය හේතුවෙන් බැංකුවේ අක්‍රීය ණය (NPL) අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ අතර, ඉහළ මට්ටමේ වත්කම් ගුණාත්මකබවක් තහවුරුකර ගැනීමට හැකි විය. තවද, එමගින් යුනියන් බැංකුවේ දූරදර්ශී අවදානම් සහ ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමවේද පිළිබිඹු කරමින්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය ද නියාමන මට්ටම් තුළ පවත්වා ගැනීමට හැකි විය. තවද, සිය ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කිරීම සහ අනාගත ව්‍යාපාරික වර්ධනයට සහයෝගය ලබා දීම සඳහා දෙවැනි මට්ටමේ Basel III අනුකූලතා ණයකර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 3 ක් ඉපයීමට ද බැංකුවේ අවධානය යොමු වී තිබේ.
යුනියන් බැංකුවේ ශක්තිමත් ශේෂ පත්‍ර පුළුල් වීම පිළිබිඹු කරමින්, සමස්ත වත්කම් ප්‍රමාණය 2025 සැප්තැම්බර් 30 වැනිදා වන විට සියයට 17 කින්, රුපියල් මිලියන 171,864 ක් දක්වා කැපීපෙනෙන ලෙස වර්ධනය විය. ණය සහ අත්තිකාරම් සියයට 32 කින්, රුපියල් මිලියන 107,592 ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේ, බැංකුවේ ණය සේවා පෙළෙහි ශක්තිමත්බවට සහ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගයට සාක්ෂ්‍ය සපයමිනි.
යුනියන් බැංකුවට රුපියල් බිලියන 1.2 ක බදු පෙර ලාබයක්