IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


යුනයිටඩ් මෝටර්ස් ලංකා වෙතින් 1:10 බැගින් කොටස් අතුරු බෙදීමක්

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම කොටස් අතුරුබෙදීමක් හරහා සිය කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අදහස් කරගෙන සිටින බව පවසයි. ඒ අනුව මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලු‍තින් කොටස් 10ක් බැගින් නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි. 
සමාගම දැනට නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව 100,900‍,626ක් වන අතර මෙම අතුරු බෙදීමත් සමගින් එය 1,009,006,260ක් දක්වා ඉහළ යයි. මෙම පියවර සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහිද අනුමැතිය ලබාගත යුතුව ඇතැයි සමාගම පවසයි.



අදහස් (0)

යුනයිටඩ් මෝටර්ස් ලංකා වෙතින් 1:10 බැගින් කොටස් අතුරු බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site