ඔක්තෝබරයේදී අලුතින් ඒකක හිමියන් 3,628ක් එක්වෙයි
භානුක අමරසිංහ
මෙරට ඒකක භාර අංශයෙහි කළමනාකරණය යටතේ ඇති වත්කම් ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 603ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය වසර තුළ එම වත්කම්වල සියයට 16ක වර්ධනයකි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 592 ක් විය.
අද වනවිට මෙම වත්කම් කළමනාකරණ සමාගම් 16 ක් විසින් අරමුදල් 85 ක් හරහා කළමනාකරණය කරන බව ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය (UTASL) පවසයි. මේ අතර, ඔක්තෝබර් මාසය තුළ නව ඒකක හිමියන් 3,628 දෙනකු වෙළෙඳපොළේ ආයෝජනය කළ අතර, එමගින් වසරේ මේ දක්වා මුළු ආයෝජකයන් සංඛ්‍යාව 137,224 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ සභාපතිනි, ක්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක, 2025 දී කර්මාන්තය කැපී පෙනෙන ලෙස සක්‍රිය වී ඇති බවත්, ඒ හේතුවෙන් යුනිට් ට්‍රස්ට් සතු වත්කම් රුපියල් බිලියන 600 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙන බවත් ප්‍රකාශ කළාය.
එහිදී යුනිට් ට්‍රස්ට් කළමනාකරණ සමාගම් දහසයේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 27 සිට 31 දක්වා පැවැත් වූ දැනුවත් කිරීමේ වැඩසටහනද ඉතා සාර්ථක අවස්ථාවක් වූ බව ඇය පවසා සිටියාය.
යුනිට් ට්‍රස්ට් සතු වත්කම්වල සියයට 16 ක වර්ධනයක්