භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගමේ තවත් කොටස් 10,000,000ක් මිලදී ගැනීමට යේඩන් කැපිටල් සමාගම පියවර ගෙන තිබේ. පසුගිය දෙසැමබර් 17 වැනිදා එම ගනුදෙනුව සිදුව තිබේ.
එහිදී කොටසක් රුපියල් 13ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 130ක් (130,000,000ක්) ලෙස සටහන්ව තිබේ. මීට පෙර යේඩන් කැපිටල් සමාගම සතුව මහරාජා ෆුඩ්ස් සමාගමේ කොටස් 2.553,664ක් පැවැති අතර, මෙම මිලදී ගැනීමත් සමගින්ම එය කොටස් 12,553,664ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 125,000,000 අතරින් සියයට 10.04 කි.
යේඩන් කැපිටල් මහරාජා ෆුඩ්ස්හි තවත් කොටස් මිලියන 10ක් මිලදී ගනී