මහනුවර රැඩිසන් හෝටලය, තිරසාරභාවය සහ වගකීම් සහගත ආගන්තුක සත්කාරය සඳහා ඇති ස්ථිර කැපවීම නැවත තහවුරු කරමින්, අඛණ්ඩව දෙවැනි වසරටත් හෝටල් තිරසාරභාවය පිළිබඳ මූලික විගණනය සාර්ථකව අවසන් කළ බව දන්වා සිටියි.
හෝටල් තිරසාරභාවය පිළිබඳ මූලික කරුණු යනු ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය (World Travel & Tourism Council (WTTC)) විසින් හඳුන්වාදී ඇති ගෝලීය වශයෙන් පිළිගත් රාමුවක් වන අතර, මෙහිදී සම්පත් කාර්යක්ෂමතාව, පරිසර හිතකාමී ආගන්තුක අත්දැකීම් සහ බලපෑම් සහිත දේශීය ප්‍රජා සහභාගීත්වයට සහාය වන අත්‍යවශ්‍ය නිර්ණායක 12 ක් ඉදිරිපත්කරයි .
‘‘මහනුවර රැඩිසන් හෝටලයේදී, තිරසරත්වය යනු පිරික්සුම් ලැයිස්තුවකට එහා ගිය දෙයක් වන අතර එය අප හෝටලයේ දෛනික කාර්යයන්හි අනිවාර්යය අංගයකි. අපද්‍රව්‍ය අවම කිරීම, බලශක්ති සංරක්ෂණය හෝ හරිත භාවිතයක් වෙනුවෙන් අපගේ කණ්ඩායම බලගැන්විම යන ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාව තුළ තිරසර ආගන්තුක සත්කාරයේ කොටස්කරුවන් වීමට හැකි වීම පිළිබඳ අපි අතිශයින් ආඩම්බර වෙමු.” යනුවෙන් මහනුවර රැඩිසන් හෝටලයේ හෝටල් කළමනාකරු, මංගල හේමානන්ද මහතා පැවසීය.
මෙම මුලපිරීම යටතේ හෝටලයේ අඛණ්ඩ ප්‍රතීතනය, අමුත්තන් සඳහා තිරසාර නවාතැන් නිර්මාණය කිරීම සහ පෘථීවියට කල් පවතින, ධනාත්මක බලපෑමක් සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන රැඩිසන් හෝටල් සමූහයේ ගෝලීය තිරසරත්ව උපායමාර්ග පිළිබඳ වගකීම් සහගත ව්‍යාපාරයක් ලෙස කෙතෙක් දුරට සමපාත වන්නේද යන්න අවධාරණය කරයි. ලා වී හෝටල් සහ නිකේතන (La Vie Hotels & Resorts) මගින් කළමනාකරණය කරනු ලබන මහනුවර රැඩිසන් හෝටලය, කැපවීම, ගෝලීය ප්‍රමිති සහ කලාපීය වගකීම යන දෙකම පිළිබිඹු කරන අතර, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ආගන්තුක සත්කාරයේ ප්‍රමුඛයකු ලෙස එහි භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.
![]() |
![]() |
හෝටලයේ මෙහෙයුම් හරහා බලශක්ති පරිභෝජනය අවම කිරීම, ජල භාවිතය සහ කාබන් විමෝචනය අඩු කිරීම එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් කිරීම වැනි පාරිසරික බලපෑම අවම කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ උත්සාහය සමඟ සම්පත් කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම මහනුවර රැඩිසන් හෝටලයේ ප්‍රධාන තිරසර ක්‍රියාමාර්ග අතර සුවිශේෂීය. හෝටල් පරිශ්‍රය තුළ ලිනන් නැවත භාවිත කිරීමේ වැඩසටහනක් සහ සහතික කළ හරිත පිරිසුදුකාරක නිෂ්පාදන භාවිතය ඇතුළුව තිරසර ගෘහ පාලන පිළිවෙත් අනුගමනය කර ඇති අතර, අමුත්තන් සඳහා ආරක්ෂිත සහ පරිසර හිතකාමී පරිසරයක් එමගින් සහතික කරයි.
සියලුම භෝජනාගාර මෙනු සඳහා විවිධ නිර්මාංශ විකල්ප ඉදිරිපත් කර ඇති අතර, එය සෞඛ්‍ය සම්පන්න තේරීම් ප්‍රවර්ධනය කරයි. ඊට අමතරව, හෝටලය සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් ප්‍රජා සහායක මුලපිරීම්වලද ක්‍රියාකාරීව නිරත වන අතර, දේශීය ප්‍රජාවේ අන්තර්ගත වගකිවයුතු සාමාජිකයකු ලෙස එහි භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින්මෙරට රැඩිසන් හෝටල් සමූහයේ කලාපීය සාමාන්‍යාධිකාරී ක්‍රිස්ටෝෆර් ක්වාඩ්‍රොස් මහතා මෙලෙස පැවසීය.
”මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ දේපළ තුන හරහා අපගේ සාමූහික කැපවීම පිළිබිඹු කිරීමක්. මහනුවර රැඩිසන් හෝටලය, කොළඹ රැඩිසන් හෝටලය සහ ගාල්ල රැඩිසන් බ්ලූ රිසෝට් යන හෝටල් තිරසරභාවය සහතික කර ඇති බව මෙලෙස ප්‍රකාශ කිරීමට හැකිවීම ආඩම්බරයට කරුණක්. එය වගකිවයුතු සහ අනාගතය කේන්ද්‍ර කරගත් ආගන්තුක සත්කාරය සඳහා අපගේ අඛණ්ඩ කැපවීමට සාක්ෂියකි. තිරසරභාවය ගමනාන්තයක් නොවන අතර එය අපි එක්ව යන සාඩම්බර ගමනක් බව කිවයුතුයි. පරිසර දිනයේදී මෙලෙස පිළිගැනීමට ලක්වීම, ශ්‍රී ලංකාවේ රැඩිසන් හෝටල් තුනෙහිම අපගේ උත්සාහය අපගේ පෘථීවියට සහ අප ද කොටසක් වන දේශීය ප්‍රජාවට සැබෑ වෙනසක් ඇති කරන බව ආඩම්බරයෙන් මතක් කර දෙයි. තිරසාර ආගන්තුක සත්කාරය සඳහා ඔවුන්ගේ කැපවීම, අනුකූලතාව සහ නායකත්වයෙන් නැවත වරක් ශක්තිමත් ආදර්ශයක් සපයමින් මහනුවර රැඩිසන් හෝටලය සිය සාර්ථකව නැවත සහතික කර තිබේ.”
මහනුවර රැඩිසන් හෝටලය ගෝලීය තිරසාරභාවය දෙවැනි වසරටත් සාර්ථකව තහවුරු කරයි