IMG-LOGO

2026 ජුලි මස 20 වන සඳුදා


මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කෙරේ

ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 2,000 අතරින් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය මුදලින්


නිමල කොඩිතුවක්කු 


මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතන සමග අත්සන් කරන ලද ණය ගිවිසුමක් යටතේ 2010 වර්ෂයේ සිට පැකේජ 04කින් යුතුව ක්‍රියාත්මක කර තිබේ. එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2025-01-01 දින සිට 2027-08-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය ද ඇතුළත් කරන ලෙස එහි උපකුලපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් පරිදි සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵල අනුව එම විශ්ව විද්‍යාලය ද ව්‍යාපෘතියේ විෂය පථයට ඇතුළත් කර ගැනීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ තිබේ.
 ඒ අනුව, මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය යටතට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කර ගැනීමටත්, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 2,000 අතරින් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය මුදලින් සහ ඉතිරි රුපියල් මිලියන 1,200ක මුදල දේශීය අරමුදල් වලින් සලසා ගැනේ.



අදහස් (0)

මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site