IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහනුවර ඇසළ පෙරහැරට මහජන බැංකුවේ අනුග‍්‍රාහක දායකත්වය

මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව මෙවරත් අනුග‍්‍රාහක දායකත්වය පිරිනමයි. 
ශ‍්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප‍්‍රදානය සිදුකෙරිණි. මේ අවස්ථාවට මහනුවර වැඩබලන සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්. බී. බඹරදෙනිය සහ මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරු ද සහභාගී වූහ. පෞරාණික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින්, දේශිය නර්තනාංගවලින් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.



අදහස් (0)

මහනුවර ඇසළ පෙරහැරට මහජන බැංකුවේ අනුග‍්‍රාහක දායකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site