මහින්ද්‍ර ශ්‍රී ලංකා වෙළෙඳපොළට සිය නවතම සහ වඩාත් ආකර්ෂණීය SUV රථය වන Mahindra XUV 3XO හඳුන්වා දෙන ලදී. කැපීපෙනෙන නිමාවක්, අති නවීන තාක්ෂණයක්, ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සහ ශක්තිමත් කාර්ය සාධනයක් ලබා දෙන XUV 3XO මාදිලිය, MX3, AX5, සහ AX7L යනුවෙන් මාදිලි තුනකින් රුපියල් මිලියන 10.49 ක් වැනි ආරම්භක මිලකට මිලදී ගත හැකිය.
XUV 3XO හඳුන්වාදීම, ශ්‍රී ලංකාව තුළ මහින්ද්‍ර අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරන ලද උසස් තත්වයේ SUV රථ ලබාදීමට සමාගමේ ඇති කැපවීම අවධාරණය කරයි. විශිෂ්ට කාර්ය සාධනයක් සහ නව තාක්ෂණික විශේෂාංග සමගින් තරගකාරී මිලකට ලබා දෙන XUV 3XO, වෙළෙඳපොළ තුළ සුවිශේෂී අවධානයක් දිනා ඇති අතර, එය මහින්ද්‍ර හි ශක්තිමත් කීර්තිනාමය, පාරිභෝගික විශ්වාසය සහ එහි නවීන SUVරථ සඳහා ඇති ඉහළ ඉල්ලුම මනාව පෙන්වා දෙයි.
කොළඹ නගරයේ කාර්යබහුල වීදිවල සිට සුන්දර වෙරළබඩ සහ කඳුකර මාර්ග දක්වා ශ්‍රී ලංකාවේ විවිධ භූමි ප්‍රදේශවලට මනාව ගැලපෙන පරිදි XUV 3XO නිර්මාණය කර ඇත. මහින්ද්‍ර හි Global Design Studio හි නිර්මාණය කරන ලද එය ශක්තිමත් බව සහ නවීනත්වය මැනවින් සමතුලිත කරයි. නගරවල මෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම රළු පරළු මාර්ගයක වුවද එක සේ සුවපහසුව ගමන් කිරීමේ හැකියාව XUV 3XO රථය සතු වේ.
මහින්ද්‍ර සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී, සචින් අරොල්කාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව අපගේ ගෝලීය ව්‍යාප්ති සැලසුම්වල ප්‍රධාන වෙළෙඳපොළක් වන අතර XUV 3XO හඳුන්වාදීමෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ගැලපෙන තත්වයෙන් උසස් SUV රථයක් ලබාදීමට අප කළ කැපවීම මනාව පෙන්වා දෙනවා. මෙම XUV 3XO රථයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය, උසස් ආරක්ෂාව, නවීන තාක්ෂණය සහ විශිෂ්ට වටිනාකම නිසා එය ශ්‍රී ලංකාව තුළ සාර්ථක වනු ඇතැයි සහ එය ශ්‍රී ලංකාව තුළ මහින්ද්‍ර සන්නාමයෙහි පැවැත්ම ශක්තිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”
අයිඩියල් මෝටර්ස් හි නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ පැවසුවේය. “නව්‍යකරණය, නිර්මාණකරණය සහ කාර්ය සාධනයේ විශිෂ්ටත්වය නියෝජනය කරන මහින්ද්‍ර XUV 3XO රථය මහින්ද්‍ර සමාගම විසින් එළිදැක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම හඳුන්වාදීම මහින්ද්‍ර සමග අපගේ දිගුකාලීන ව්‍යාපාර හවුල්කාරිත්වයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම ජාත්‍යන්තර තලයේ ගමනාගමන විසඳුම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන අපගේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරනවා. XUV 3XO යනු මහින්ද්‍ර හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ඔවුන් සතු ගැඹුරු අවබෝධය සඳහා කදිම නිදසුනක්. අයිඩියල් මෝටර්ස් හි අපි මෙවැනි අති නවීන වාහන ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා පෙරමුණ ගැනීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වෙනවා වගේම මෙම SUV රථය එම කාණ්ඩයේ සාර්ථකත්වය අත්කරගනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරනවා.
මහින්ද්‍ර XUV 3XO ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි