
මහජන බැංකුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේ පහසුකම හඳුන්වා දෙයි. මෙහි සමාරම්භය මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී පසුගියදා ශ්‍රී ලංගම සභාපති සජීව කනගරත්න, මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, ඩිජිටල් අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ඔස්සේ මුදල් භාවිතයෙන් තොරව, බැංකු කාඩ්පත් මඟින් කිසිදු අමතර ගාස්තුවකින් තොරව ප්‍රවාහන ගාස්තු ගෙවීමේ අවස්ථාව හිමිවේ.
මෙය දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස මාකුඹුර-ගාල්ල, මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ගවල ක්‍රියාත්මක කරන අතර, ඉදිරියේ දි සාර්ථකව ක්‍රියාත්මක වීම සහ මගී ප්‍රතිචාර මත පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මෙවැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම සක්‍රීය කිරීම ඔස්සේ නවීන, කාර්යක්ෂම හා ඩිජිටල් තාක්ෂණයෙන් සම්බන්ධිත පොදු ප්‍රවාහන පද්ධතියක් පිළිබඳ රජයේ දැක්මට සහාය වීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.
මහජන බැංකුවෙන් ශ්‍රී ලංගමට ඩිජිටල් ගෙවීම් විසඳුමක්
කුමා. Thursday, 08 January 2026 01:45 PM
මෙය සාර්ථක වීමට නම් බස් රථය තුළ මෙවැනි යන්ත්‍ර ස්ථාපිත කළ යුතුය. නැතහොත් කෙටිකලකින් මෙම ටිකට් යන්ත්‍ර භාවිතයෙන් ඉවත් කිරිමට සිදුවේ.