IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මහජන බැංකුවට නව සභාපතිනියක්

(ඩයනා උදයංගනී)


මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය පත්කරනු ලැබ තිබේ. 
 
කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත‍්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.
 
වසර තිහකට අධික රාජ්‍ය සේවයේ නියුතුව සිටි ඇය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආදී තනතුරුද හෙබවූවාය. 
 
මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කර ඇත.
 
සුජාතා කුරේ මහත්මිය මේ වන විට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරන්නීය.



අදහස් (0)

මහජන බැංකුවට නව සභාපතිනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site