IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මහජන බැංකුව - ටොයෝටා ලංකා එකතුවෙන් විශේෂ රථවාහන ණය පහසුකමක්

ඔබගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අගනා අවස්ථාවක් සලසා දෙමින්, මහජන බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම එක්ව විශේෂ People’s Auto Loan රථ වාහන ණය පහසුකමක් හඳුන්වා දී ඇත. 
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට වත්තල, ටොයෝටා ප්ලාසා හිදී පසුගියදා අත්සන් තැබිණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධානි/ ව්‍යාපෘති කළමනාකාර (වටිනාකම් සහ සංචලතා විසඳුම්) නඕටකා ටකේඩා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මතීෂ සමරනායක, ප්‍රධාන මූල්‍ය නිලධාරි ගයාන් කරුණාරත්න, ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඩිමෙට්‍රියස් පෙරේරා, සාමාන්‍යාධිකාරී (විකුණුම්) රවී ඕපාත, සාමාන්‍යාධිකාරී (රථවාහන වටිනාකම් වැඩි දියුණු කිරීම) විපුල් බණ්ඩාර සහ නියෝජ්‍ය කළමනාකරු (මූලික අලෙවිකරණ අංශය) සුරේන් ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 
මේ තුළින් අලුත්ම වාහනයක් මිලදී ගැනීම සඳහා මහජන බැංකුවේ People’s Auto Loan සේවාව ඔස්සේ පහසු හා නම්‍යශිලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟින් ණය පහසුකම් පිරිනැමේ. ගනුදෙනුකරුවන්ට වසර 5 කාලයක් ඇතුළත ගෙවීමට රු. 100,000/- කට රු.1,499/-ක අවම මාසික වාරිකයක් හිමිවන අතර සියයට 30ක් දක්වා වූ ණය මුදල කල් දැමීමක් ලබා දෙයි. වසර 5කින් අනතුරුව කල් දැමූ මුදල සම්පූර්ණයෙන්ම පියවිය හැක. නැතහොත් නව ණයක් බවට පරිවර්තනය කළ හැකිය.
People’s Auto Loan වෙනත් ණය ක්‍රම වලට වඩා වෙනස් වන අතර, ඉතා තරගකාරී පොලි අනුපාත, කලින් පියවීමේ ගාස්තු නොමැති වීම සහ ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී සුවිශේෂ වට්ටම් ලබාදෙයි.



අදහස් (0)

මහජන බැංකුව - ටොයෝටා ලංකා එකතුවෙන් විශේෂ රථවාහන ණය පහසුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site