IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


මහජන බැංකුවේ කොටවිල සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ

මහජන බැංකුවේ කොටවිල සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි. මෙම නවතම සේවා මධ්‍යස්ථානය අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවා රැසකින් සමන්විතය. 
එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ATM) වලින් මුදල් ආපසු ගැනීමේ පහසුකම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, මාතර ප්‍රාදේශීය කළමනාකාර ඒ.එල්.සී.පී. අබේසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් වන ඩබ්ලිව්.එස්.එස්. රූපසිරි, පී.ඩබ්ලිව්. ගුණසේකර සහ රේණුකා අමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීති නිලධාරි අජන්ත කපුගමගේ, මාතර ධර්මපාල මාවත ශාඛා කළමනාකාර ඊ.බී.සී.එම්. බණ්ඩාර සහ කොටවිල සේවා මධ්‍යස්ථාන කළමනාකාර එච්.ඒ.එන්.එස්. පෙරේරා යන මහත්ම මහත්මින්, රාජ්‍ය නිලධාරින්, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

මහජන බැංකුවේ කොටවිල සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site