IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මහජන බැංකුවේ YES CASH CANIVAL වැඩසටහනේ දිනුම් අදී

මහජන බැංකුවේ ‘YES’ ඉතුරුම් ගිණුමින් හඳුන්වා දි ඇති ‘YES CASH CANIVAL’ වැඩසටහනේ ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේ දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි.
ඒ අනුව මෙහිදී ‘CASH WHEEL MONDAY’ දිනුම් ඇදීමේ 2025 අගෝස්තු 25 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා සතිපතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 25 දෙනකු තෝරාගත් අතර, ඔවුන්ට රු. 25,000/- බැගින් හිමිවේ.
එමෙන්ම ‘SHARE & WIN’ දිනුම් ඇදීමේ අගෝස්තු 27 සිට සැප්තැම්බර් 30 දක්වා සතිපතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 7 දෙනකු තෝරාගත් අතර, ඔවුන්ට රු.10,000/- බැගින් හිමිවේ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් හා කාඩ්පත්) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තත්ත්ව ආරක්ෂණ හා ක්‍රියාවලි කළමනාකරණ) ටී. එම්.  ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, ප්‍රධාන කළමනාකාර (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) අසිත ධනවලවිතාන හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (විගණන) හේමාල් සඳකැලුම් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකුවේ YES CASH CANIVAL වැඩසටහනේ දිනුම් අදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site