IMG-LOGO

2026 අගෝස්තු මස 02 වන ඉරිදා


මහජන බැංකුවේ ‘People’s Remittance සංවත්සර ප්‍රණාම 2026’ ජයග්‍රාහකයන් තෝරා ගැනේ

මහජන බැංකුවේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් ආරම්භ කළ ‘People’s Remittance ‍සංවත්සර ප්‍රණාම 2026’ දිනුම් ඇදීම කොළඹ 02, මහජන බැංකුවේ People’s Tower ප්‍රධාන කාර්යාලයේදි 2026 ජූලි 01 වැනිදා පැවැත්විණි.
zPeople’s Remittance සංවත්සර ප්‍රණාම 2026’ වැඩසටහන යටතේ පැවති මෙම දිනුම් ඇදීමේදි රු.15,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 65ක් හිමිවන ජයග්‍රාහකයන් 65ක් තෝරාගැනුණි.
මේ දිනුම් ඇදීම සඳහා 2026.01.01 සිට 2026.06.30 දක්වා People’s Remittance හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබූ ගනුදෙනුකරුවන් සුදුසුකම් ලැබීය.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරීම්) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) අරුණි ලියනගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳුමිණි රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකාර (අභ්‍යන්තර විගණන) කපිල විතාන හා බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරි ඩබ්ලිව්.සී. අසංග යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People’s Remittance-‍ සංවත්සර ප්‍රණාම 2026’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදී.



අදහස් (0)

මහජන බැංකුවේ ‘People’s Remittance සංවත්සර ප්‍රණාම 2026’ ජයග්‍රාහකයන් තෝරා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site