×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මහජන බැංකුව ‘BizTeen’ Entrepreneurship Challenge 2025 ජයග්‍රාහකයන් අගයයි
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 25
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
People’s YES TEEN’ ගිණුම ද නිල වශයෙන් හඳුන්වා දෙයි
මහජන බැංකුව සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ^IDB& එක්ව සංවිධානය කළ People’s ‘BizTeen’ Entrepreneurship Challenge 2025 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ 02, පීපල්ස් ටවර් ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පසුගියදා පවත්වන ලදී.
නව යොවුන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ‘People’s BizTeens Entrepreneurship Challenge 2025’ නමින් පාසල් සිසු දරු දැරියන් සඳහා වන දීපව්‍යාප්ත වැඩසටහනක් දියත් කරන ලදී. ඒ තුළින්, ඔවුන්ට තම ව්‍යවසායකත්ව සංකල්ප ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිණි.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙන් සමන්විත ජාතික මණ්ඩලයක් විසින් මේ සඳහා ලැබුණු අයැදුම්පත් වඩාත් විධිමත්ව හා ගැඹුරින් ඇගයීමට ලක්කළ අතර, අවසානයේදී ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් 13 දෙනකු තෝරා ගන්නා ලදී.
ඒ අනුව මෙහි පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයාට රුපියල් 250,000/- ක් ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට පිළිවෙළින් රුපියල් 150,000/- ක් සහ රුපියල් 100,000/- ක් ද පිරිනැමිණි. සෙසු ජයග්‍රාහකයන්ට රුපියල් 25,000/- බැගින් කුසලතා ත්‍යාග දහයක් ද පිරිනමන ලදී.
මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මාතර ඌරුබොක්ක ජාතික පාසලේ ඩබ්ලිව්.කේ. විනුක යසිත් සිසුවා සමත් විය. එමෙන්ම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දාසිනි සනුපමා කරුණාතිලක සිසුවිය දෙවැනි ස්ථානය දිනාගත් අතර, අනුරාධපුර තලාව මහා විද්‍යාලයේ කේ.ඩී. නෙත්මි ප්‍රාර්ථනා දිසානායක සිසුවිය තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
මීට අමතරව, රත්නපුර සාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. මේධානි මලිත්‍යා, පොළොන්නරුව දිඹුලාගල නුවරගල මහා විද්‍යාලයේ ඩී.එම්. තේනුජ ඉෂාන් දිසානායක, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ජනංග දම්සිත් ධර්මරත්න, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ එච්.ඩබ්ලිව්. සනුක රන්සන, මොනරාගල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ එච්.ඩී. ජෙනිත් උදාන කෞෂල්‍ය, කුරුණෑගල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයේ වයි.ජී.ටී. ලක්ෂාන් තිලකරත්න, කෑගලු බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්. තරුලි දිනාරා හපුදෙණිය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආර්.එම්. සුසත් යෝනාල් බණ්ඩාර, ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ කේ.එම්. හෙලනි ධනාලි අදිකාරි සහ මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ එම්. සහානි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත කුසලතා සම්මාන පිරිනැමිණි.
එමෙන්ම, මහජන බැංකුව නව යොවුන් වියේ පසුවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ ‘People’s YES TEEN’ ගිණුම නිල වශයෙන් දියත් කිරීමද මීට සමගාමීව සිදු කෙරිණි. මෙම ගිණුමෙන් මවුපියන්ගේ අධීක්ෂණය මත, විනිවිදභාවයකින් යුතුව තරුණ තරුණියන් සඳහා වැඩි මූල්‍ය නිදහසක් පිරිනැමෙන අතර, කුඩා කල සිටම වගකීම් සහගත ලෙස මුදල් කළමනාකරණය කිරීමේ පුරුද්ද ගොඩනගා ගැනීමටද එය රුකුලක් වෙයි.
මේ තුළින් වයස අවුරුදු 13 සිට 18 දක්වා නව යොවුන් වියේ පසුවන්නන් සඳහා රු. 20,000/- දක්වා දෛනික ගනුදෙනු සීමාවක් සහිතව සන්නාමගත ඩෙබිට් කාඩ්පතක් සහ ඩිජිටල් බැංකුකරණ පහසුකම් ද ලබා දෙයි. එමෙන්ම යොවුන් ගනුදෙනුකරුවන්ට මූල්‍ය විනයක් සහිතව තම මූල්‍ය කටයුතු පහසුවෙන් සහ ආරක්ෂිතව කළමනාකරණය කර ගැනීමේ හැකියාව සැලසේ.
මෙහි ප්‍රධාන දේශනය Vanilla Shop සම-නිර්මාතෘ සහ Elevare සඟරාවේ විධායක අධ්‍යක්ෂ ආකාෂ් කරුණාරත්න මහතා විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන) පී.ඒ.වී. චන්දික, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මාස්ටර් කාඩ් ප්‍රධානී සඳුන් හපුගොඩ, මහජන බැංකුවේ අලෙවිකරණ ප්‍රධානී නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, විනිශ්චය මණ්ඩල සාමාජිකයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අදහස් (0)
මහජන බැංකුව ‘BizTeen’ Entrepreneurship Challenge 2025 ජයග්‍රාහකයන් අගයයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මහජන බැංකුව ‘BizTeen’ Entrepreneurship Challenge 2025 ජයග්‍රාහකයන් අගයයි