මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙමින් 2026 ජනවාරි 01 වැනිදා නව වසරේ වැඩ ආරම්භ කළේය. මේ නිමිත්තෙන් කොළඹ 02, People’s Tower හිදි විශේෂ උත්සවයක් පැවැත්විණි.
මෙහිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු කාර්ය මණ්ඩලය ඇමතූහ. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයන්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ හා කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මීට සමගාමීව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලද රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.
මහජන බැංකුව 2026 නව වසරේ වැඩ අරඹයි