IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ ‘අභිනන්දන ප්‍රණාම’ තිළිණ ප්‍රදානෝත්සවය හා ‘අභිමන් ගෞරව සේවා උපහාර 2025’

මහජන බැංකු නිලධාරින්ගේ සංගමය විසින් සිය සාමාජික දූ පුතුන්ගේ විශිෂ්ට අධ්‍යාපන කුසලතා අගයමින් 23 වන වරටත් සංවිධානය කරන ලද ‘අභිනන්දන ප්‍රණාම 2025’ තිළිණ ප්‍රදානොත්සවය කොළඹ 02, People’s Tower හිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදි 2024 වසර තුළ 5 වසර ශිෂ්‍යත්ව, අ.පො.ස (සා.පෙළ), අ.පො.ස (උසස් පෙළ) විභාගයන්ගෙන් විශිෂ්ට අධ්‍යාපන කුසලතා දැක්වූ මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ගේ දූ පුතුන්ට තිළිණ සහ සහතිකපත් පිරිනැමිණි.
එමෙන්ම 2024 වසර තුළ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට උපහාර පුද කරමින් ‘අභිමන් ගෞරව සේවා උපහාර’ වැඩසටහනද මෙදින පැවැත්විණි.
මේ අවස්ථාවට මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ සභාපති නලින් පෙරේරා-සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) හා ගරු ලේකම් චමින්ද ඉහළකෝරාළ-සහකාර සාමාන්‍යාධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ) යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරින්, විශ්‍රාමික හා වත්මන් සාමාජික සාමාජිකාවන් සහ දූ දරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකු නිලධාරින්ගේ සංගමයේ ‘අභිනන්දන ප්‍රණාම’ තිළිණ ප්‍රදානෝත්සවය හා ‘අභිමන් ගෞරව සේවා උපහාර 2025’

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site