IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


මහාචාර්ය රුවන්ති පෙරේරාට ඊ-චැනලින් අධ්‍යක්ෂ ධුරයක්

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ඊ-චැනලින් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මාර්තු 12 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. ඇය සතුව ළමාරෝග සායන, වෛද්‍ය අධ්‍යාපන සහ ළමා සෞඛ්‍ය පර්‌යේෂණය පිළිබඳව දශක දෙකක අත්දැකීම් සහිත බව සමාගම පවසයි. ඇය වර්තමානයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසද කටයුතු කරයි. එසේම කොළඹ දකුණ ශික්ෂණ රෝහලෙහි ළමාරෝග පිළිබඳ උපදේශිකාවකද වෙයි.



අදහස් (0)

මහාචාර්ය රුවන්ති පෙරේරාට ඊ-චැනලින් අධ්‍යක්ෂ ධුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site