IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මහාචාර්ය අමින්ද මෙත්සිල සණස ලයිෆ් සභාපති ධුරයට


භානුක අමරසිංහ


සණස ලයිෆ් රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කරගෙන තිබේ. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිටත් ඒ මහතා එම සමාගමේ ස්වාධීන/ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. එසේම 2024 දෙසැම්බර් මාසයේ සිට ඒ මහතා සමාගමේ තාවකාලික සභාපතිවරයා ලෙසින්ද පත් කෙරිණි.

මහාචාර්ය මෙත්සිල පෙරේරා මහතා මේ වනවිට වයඹ විශ්වවිද්‍යලයේ ගණකාධිකරණ අංශයේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා මහජන බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත. එසේම ඒ මහතා රාජ්‍ය උකස් හා ආයෝජන බැකුවේ, සණස කැම්පස් ලිමිටඩ්, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය යන ආයතනවලද තනතුරු හොබවා තිබේ. 



අදහස් (0)

මහාචාර්ය අමින්ද මෙත්සිල සණස ලයිෆ් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site