ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවැති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීම සිදු කරන බව මහ බැංකුව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සියලුම කාර්යයන්හි සම්පූර්ණ වගකීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරෙන බව සඳහන් වෙයි.
“ආයතනික වගවීම ශක්තිමත් කිරිම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් මෙම වගකීම් පවරාදීම සිදු කරන ලදී.’’ යනුවෙන් මහ බැංකුව පවසයි.
මෙම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කර තිබේ. 2025 දෙසැම්බර් මාසයේ සිට මෙම කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වී තිබේ.
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තු මෙහෙයුම් මුදල් අමාත්‍යාංශය යටතට