IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ බැංකුව අගෝස්තුවේදී වාණිජ බැංකුවලින් ඩො.මි. 142.5ක් මිලට අරන්

  • මෙම වසරේ පළමු මාස 8 දී බිලියන 1.23ක ඩොලර් මිලට අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකුවලින් මිලියන 142.5ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව මෙම වසරේ පළමු මාස 8 තුළදී බිලියන 1.23 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ පළමු මාස 8 තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව බිලියන 2.02 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන තිබිණි. ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 8 තුළදී මහ බැංකුව මිලදී ගත් ඩොලර් ප්‍රමාණය මිලියන 781 කින් පහළ ගොස් ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා බිලියන 2.64 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගත යුතුව තිබේ. එම ඉලක්කය සපුරාලීමට නම් ඉදිරි මාස 4 ක කාලයේදී මසකට මිලියන 250 ක පමණ ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගත යුතුව ඇත.



අදහස් (0)

මහ බැංකුව අගෝස්තුවේදී වාණිජ බැංකුවලින් ඩො.මි. 142.5ක් මිලට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site