විමුක්ති එස්. රුද්‍රිගු
සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළේය. සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ එම මුදල් නෝට්ටුව සංසරණය සඳහා යොදවන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව ”සෞභාග්‍ය සඳහා ස්ථාවරත්වය” යන 75 වැනි සංවත්සර තේමාවට අදාළව මෙම සමරු මුදල් නෝට්ටුව නිකුත් කෙරිණි.
මෙය මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ පස්වැනි සමරු මුදල් නෝට්ටුව වේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් නිල වශයෙන් සමරු මුදල් නෝට්ටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගිය 29 වැනිදා පිරිනැමිණි. මෙම මුදල් නෝට්ටුව ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු මුදල් නෝට්ටුවක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ 75 වැනි සංවත්සරයට රු.2000 සමරු මුදල් නෝට්ටුවක්