විමුක්ති එස් රුද්‍රිගු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව වොෂිංටන් නුවරදී පසුගියදා පැවැති ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වූ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
ණය සම්බන්ධ අභියෝග සහ විසඳුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර පොදු අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ණයගැති රටවල් සහ ණය හිමියන් පොදු වේදිකාවකට ගෙන ඒමේ අරමුණින් 2023 වසරේ පෙබරවාරි මාසයේදී ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව පිහිටුවන ලදි. ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජී20 රටවල සභාපතීත්වය විසින් දරනු ලබයි.
මහ බැංකු අධිපති - මුදල් ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට