IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මාස දහයකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක හය දහසකින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී 2025 ජනවාරියේ සිට ඊයේ දක්වා සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,022 කින් ඉහළ ගොස් තිබේ. මෙම වාර්තාගත වර්ධනය තුළ උච්ඡාවචන ගණනාවක් සිදු වූ අතර කෙසේ වෙතත් නොනවතින වර්ධනයකට අවතීර්ණවීම කැපී පෙනෙන ලක්ෂණයකි. 
2010 වසර ආරම්භ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 3,549 ක පැවැති අතර එම අගය 2009 වසරේ දී ලෝකයේ හොඳම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳපොළ වශයෙන් වාර්තාගත තත්වයක් සහිතව අත්පත්ව තිබුණ බව සිහිපත් කළ හැකිය. 2010 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 16.12 ක ඉහළම වර්ධනයක් ද සනිටුහන් කර තිබුණි. 
කෙසේ වෙතත් දැනට කොටස් වෙළෙඳපොළ දර්ශක පෙන්වන ලක්ෂණ අනුව ප්‍රබෝධවත් තැනක පවතින අතර එය තව දුරටත් ස්ථාවර වෙමින් පවතී. ආයෝජන උපදේශකයන්ට අනුව තවමත් කොටස් සම්බන්ධ යහපත් තරගකාරී ස්වභාවයක් අපේක්ෂා කළ හැකිවේ. 
ඊයේ (සැප්. 13) ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 22,372.57 ක් දක්වා ඉහල ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 51.49 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,229.44 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 22.07 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.74 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,030 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 390.9 ක් විය. සමාගම් 119 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන ද 139 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 62.7 ක විය.
ප්‍රවාහන, ප්‍රාග්ධන භාණ්ඩ, පාරිභෝගික සේවා, ප්‍රාග්ධන භාණ්ඩ, වානිජ සේවා, ආහාර පාන, ගෘහ මෙවලම්, සහ රක්ෂණ ක්ෂේත්‍ර පිරිහීමක් පෙන්නුම් කළේය. සන්නිවේදන, මෘදුකාංග සේවා, වානිජ බැංකු, සෞඛ්‍ය හා සත්කාරක, ආහාර පාන, ක්ෂේත්‍ර පිබිදීමක පසුවිය. හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 158 ක්, ඇසෝසියේටඩ් මෝටර්වේස්  රුපියල් මිලියන 144 ක්, සිලෝන් ලෑන්ඩ් ඉක්විටි  රුපියල් මිලියන 113 ක්, රයිගම් වයඹ රුපියල් මිලියන 110 ක් ආදී  වශයෙන් වැඩිම පිරිවැටුමක ක්‍රියාකාරීත්වයක් දැක්විය. 
 නිරීක්ෂක



අදහස් (0)

මාස දහයකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක හය දහසකින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site