IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


මාස 11 කට පසු උද්ධමනයේ සියයට 1.2 ක ධන අගයක්

විමුක්ති එස්.රුද්‍රිගු


මාස 11 ක කාලයක් පැවැති අවධමන තත්වයෙන් පසුගිය පසුගිය අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 1.2 ක ධන අගයක් වාර්තා කර ඇත. පසුගිය ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 0.3 සෘණ අගයක් ගෙන තිබිණි.
එහිදී පසුගිය ජූලි මාසයේදී සියයට 1.5 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේදී සියයට 2 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය ජූලි මාසයේදී සෘණ සියයට 1.2 ක අගයක් ගත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 0.8 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වසරේ තෙවැනි කාර්තුවේදී උද්ධමනය ධනාත්මක සීමාවට පැමිණෙනු ඇති බවත් ලබන වසරේ මැද භාගයේදී උද්ධමනය ඉලක්ක ගත සියයට 5 සීමාවට පැමිණෙනු ඇති බවත් මහ බැංකුව මීට පෙර පුරෝකථනය කර තිබිණි.



අදහස් (0)

මාස 11 කට පසු උද්ධමනයේ සියයට 1.2 ක ධන අගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site