නිමල කොඩිතුවක්කු
නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රසෙින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තුවාලවලට ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා භාවිත කරනු ලබන නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000 ක් (20cm x 40cm ප ප්‍රමාණයේ) සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවේ CIC Holding PLC (Manufacturer: Smith & Nephew Medical Limited., United Kingdom) වෙත ප්‍රසම්පාදනය රුපියල් මිලියන 639.5 ක ( එකතු කළ අගය මත බදු) මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මිලියන 639.5 ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුව CIC සමාගමට