IMG-LOGO

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා


මූල්‍ය ස්ථායිතා මණ්ඩලයේ ආසියානු උපදේශක කණ්ඩායම කොළඹදී රැස්වෙලා

 


විමුක්ති එස් රුද්‍රිගු


මූල්‍ය ස්ථායිතා මණ්ඩලයේ ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම පසුගියදා කොළඹදී රැස්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමේ සත්කාරකත්වය දැරූ දෙවැනි අවස්ථාව මෙය බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම රැස්වීමේ සම සභාපතිත්වය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ හොංකොං මූල්‍ය අධිකාරියේ එඩී යූ මහතා විසින් දරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. රටවල් රැසක් සහභාගී වූ එම රැස්වීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට බලපාන ගැටලු‍ රැසක් සාකච්ඡාවට බඳුන් වූ බවත් ඒ අතර ගෝලීය සහ කලාපීය මූල්‍ය අවදානම්, ජාත්‍යන්තර ගෙවීම් වැඩි දියුණු කිරීමේ ප්‍රයත්න ඇතුළු කරුණු ගණනාවක් තිබූ බවත් මහ බැංකුව පැවැසුවේය.



අදහස් (0)

මූල්‍ය ස්ථායිතා මණ්ඩලයේ ආසියානු උපදේශක කණ්ඩායම කොළඹදී රැස්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site