IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසය දෙවැනි කාර්තුවේදී තරමක් පහළ ගිහින්

ඉදිරි වසරේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට දැඩි විශ්වාසයක්


විමුක්ති එස් රුද්‍රිගු


ඉදිරි වසරේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට දැඩි විශ්වාසයක් තිබුණත් ඉදිරි වසර තුනේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට තිබෙන්නේ තරමක සාධාරණ විශ්වාසයක් බව මෙරට මූල්‍ය පද්ධතියට තිබෙන අවදානම් පිළිබඳව මෙම වසරේදී සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ඉදිරි වසර තුනේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේදී තරමක් පහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් එම වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව ඉහළ මට්ටමක පවතී.

මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට තිබෙන අවදානම සම්බන්ධයෙන් සමීක්ෂණය ශ්‍රී ලංකාව මහ බැංකුව 2017 වසරේදී ප්‍රථම වතාවට සිදුකර ඇති අතර මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට ධනාත්මක විශ්වාසයක් ඇති වී තිබෙන්නේ ප්‍රථම වතාවටය.



අදහස් (0)

මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසය දෙවැනි කාර්තුවේදී තරමක් පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site