විමුක්ති එස්. රුද්‍රිගු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 68 ක් ඉටුකළ යුතුව තිබෙන බවත් ඉටුකර ඇති බවට තහවුරු කර ඇත්තේ කැපවීම්වලින් සියයට 10 ක් පමණක් බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ඊයේ (17) ප්‍රකාශ කළේය.
පසුගිය මස ඉටුකළ කැපවීම් අතර මීට පෙර තොරතුරු නොදන්නා ලෙස වර්ගීකරණය කර තිබූ කැපවීම් 4 ක්ද තිබෙන බවත් එම කැපවීම් 4 පසුගිය මාර්තු මාසය අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක හතරක් බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය. කෙසේ නමුත් කැපවීම් 4 මැන බැලීම සඳහා ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ පසුගිය මසවලදී බවද එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
තොරතුරු ලැබීමත් සමග එම කැපවීම් 4 ඉටුකළ ඒවා බව තහවුරු කරගත් බවද එම වෙබ් අඩවිය සඳහන් කළේය. එසේම පසුගිය මැයි මාසය අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් සියයට 5 ක් ශ්‍රී ලංකාව ඉටුකර නොමැති බව ලැබුණු දත්ත මගින් තහවුරු කරගත් බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කළේය.
එසේම තවත් කැපවීම්වලින් සියයට 17 ක් ඉටුකර ඇත්ද හෝ නැත්ද යන්න හෝ සෙවීම සඳහා ප්‍රමාණවත් දත්ත ශ්‍රී ලංකා රජය ප්‍රසිද්ධියට පත්කර නොමැති බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
මූල්‍ය අරමුදලට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 68 ක් ඉටුකර නෑ