IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මල්ටි කිචන්ස් පැන්ට්‍රිකබඩ් ආයතනයෙන් ගල්ගමුවේ ගම් රැසකට ජල පවිත්‍රාගාරයක්

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉද්දමල්පිටිය ඇතුළුගම් රැසක ජනතාව පීඩා විඳි ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස මල්ටි කිචන්ස් පැන්ට්‍රිකබඩ් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රේමචන්ද්‍ර රූපසිංහ මහතා ජල පවිත්‍රාගාරයක් ඉදිකර ජනතාවට පරිත්‍යාග කළේය.
 මෙම ජල පවිත්‍රාගාරය සිය ධන පරිත්‍යාගයෙන් ඉදිකර පසුගිය 26 වැනිදා ගම්වාසීන්ට දායාද කළේය.
 මීට අමතරව එම ප්‍රදේශයේ පාසල් සිසුන් 25 දෙනකුට අවශ්‍යව පාසල් බෑග්, වතුර බෝතල්, කුඩ, සපත්තු සහ පොත් පත් පෑන් පැන්සල් ඇතුළු පරිත්‍යාග කිරීමට රූපසිංහ මහතා ක්‍රියා කළේය.
 රූපසිංහ මහතා නුගේගොඩ ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථ දායක සභාවේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරි සාමාජිකයකු වේ.
 ඉද්මල්පිටිය ඇතුළු ගම් රැසක ජනතාව පීඩා විසඳුමක් ලෙස ඉදිකළ ජල පවිත්‍රාගාරය විවෘත කිරීමෙන් පසු දරුවකුට වතුර 
පෙවූ අයුරු ඡායාරූපයේ දැක්වේ. රූපසිංහ මහත්මිය ද මෙහි වෙති. 



අදහස් (0)

මල්ටි කිචන්ස් පැන්ට්‍රිකබඩ් ආයතනයෙන් ගල්ගමුවේ ගම් රැසකට ජල පවිත්‍රාගාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site