IMG-LOGO

2026 ජුලි මස 17 වන සිකුරාදා


මුල් මාස හයට ප්‍රේෂණ මුදල් ආදායමේ සියයට 23.2 ක වර්ධනයක්


මේ වසරේ මුල් මාස හය තුළ විදෙස් ගත ශ්‍රමිකයන් හරහා මෙරටට ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4‍,605 ක් ලෙස සටහන්ව තිබේ. 

මෙය 2025 වසරේ මුල් මාස හයේදී වාර්තා වූ රුපියල් බිලියන 3,738 ක ප්‍රේෂණ ආදායම් හා සැසඳීමේදී සියයට 23.2 ක වර්ධනයකි. 
මහ බැංකුව පසුගිය සති අන්තයේ නිකුත් කළ සතිපතා ආර්ථික විවරණයේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

මෙහිදී ජූනි මාසයේදී හිමි වුණු විදේශ ප්‍රේෂණ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 695ක් ලෙස සටහන්ව තිබෙන අතර, එය 2025 ජූනි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 635.7 ට සාපේක්ෂව සියයට 9.32 ක ඉහළ යාමකි. 

මෙලෙස ලැබුණු ප්‍රේෂණ මුදල් අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට හිමිවුණු විදේශ ප්‍රදානද ඇතුළත්ව තිබිය හැකි බව මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (0)

මුල් මාස හයට ප්‍රේෂණ මුදල් ආදායමේ සියයට 23.2 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site