IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට

අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී විදස්ගත ශ්‍රී ලාංකිකයන් එවූ මුදල ඩො.බි. 2.46 ක්
අප්‍රේල් මාසයේදී පමණක් එවූ මුදල ඩො. මි. 646.1 ක්
පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක්


භානුක අමරසිංහ සහ විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් මෙරටට ඒවා තිබිණි. එසේම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.
පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක්ද විය. එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩා වැටීමට ලක්වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953 ක පිරිසද ඉක්මවා ගියේය.
එසේම පසුගිය වසරේදී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ක මුදලක් වසර පුරාවට මෙරටට ඒවා තිබූ අතර එයද වාර්තාවක් විය.

 



අදහස් (0)

මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site