IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මුල් මාස තුනේදී රජයේ ආදායම සියයට 40.4 කින් ඉහළට

 

  • බදු ආදායම් සියයට 36.40 කින් සහ බදු නොවන ආදායම 91.25කින් ඉහළට 
  • රජයේ වියදම රුපියල් බි. 1,383ක් දක්වා සියයට 6.21 ක සුළු ඉහළ යාමක් 
  • මුල් මාස තුනේ සමස්ත අයවැය අතිරික්තය රුපියල් බිලියන 116.35 ක් 

2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මුල් මාස තුනක කාලයේදී රජය වෙත ලැබුණු ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 1,499ක් ලෙස සටහන්ව තිබේ.

මෙය 2025 වසරේ මුල් මාස තුන තුළ හිමි වූ රුපියල් බිලියන 1,067 ක ආදායම් හා ප්‍රදාන වටිනාකම් හා සැසඳීමේදී සියයට 40.4 ක වර්ධනයකි. මෙහිදී අදාළ කාලසීමාවේ රජයේ ආදායම රුපියල් බිලියන 1,498.69ක් වන අතර ඉන් රුපියල් බිලියන 1,344.81ක් බදු ආදායම වෙයි. 

මෙය 2025 වසරේ මුල් මාස තුනේ හිමි වූ රුපියල් බිලියන 985.88 ක බදු ආදායම හා සැසඳීමේදී සියයට 36.40 ක ඉහළ යාමකි. 

එසේම බදු නොවන ආදායමද රුපියල් බිලියන 80.46 ක සිට රුපියල් බිලියන 153.88 ක් දක්වා සියයට 91.25 කින් ඉහළ ගොස් තිබේ. 

මේ අතර රජයේ වියදම්ද 2025 මුල් මාස තුනේ පැවැති රුපියල් බිලියන 1,301.85 ක සිට 2026 මුල් මාස තුනේදී රුපියල් බිලියන 1‍,382.80ක් දක්වා සියයට 6.21 ක සුළු අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ යටතේ රජයේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,219.79ක සිට රුපියල් බිලියන 1,276.80ක් දක්වා සියයට 4.6 කින් ඉහළ ගොස් තිබේ. 

එසේම ප්‍රාග්ධන වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ශුද්ධ ණයදීම් රුපියල් බිලියන රුපියල් බිලියන 82.06 ක සිට රුපියල් බිලියන 106.00 ක් දක්වා සියයට 29.17 කින් ඉහළ ගොස් තිබේ. 

මීට අමතරව 2026 මුල් මාස තුනේ ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 709.60ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 මුල් මාස තුනේ වාර්තා කළ රුපියල් බිලියන 397.47 ට සාපේක්ෂව සියයට 78.5 ක ඉහළ යාමකි. 

මෙම තත්වයත් සමගම වසරේ මුල් මාස තුනේ සමස්ත අයවැය ශේෂයද රුපියල් බිලියන 116.35 ක් අයවැය අතිරික්තයක් ලෙස සටහන්ව ඇති අතර, 2025 මුල් මාස තුනේදී එය රුපියල් බිලියන 234.46ක අයවැය හිඟයක් ලෙස සටහන් විය.



අදහස් (1)

මුල් මාස තුනේදී රජයේ ආදායම සියයට 40.4 කින් ඉහළට

sene Monday, 08 June 2026 04:13 PM

රජයට ආදායම අපට වියදම වියදම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site