IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මුල් මාස අටේදී තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන ඉහළ යාමක්

  • ජනවාරි සිට අගෝස්තු දක්වා තේ නිෂ්පාදනය සියයට 2.51 කින් ඉහළට
  • අගෝස්තු මාසයේදී තේ නිෂ්පාදනයේ සියයට 7.77 ක අඩුවීමක්

මේ වසරේ මුල් මාස අට තුළදී තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. ඒ අනුව ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 176.82ක් ලෙස සටහන්ව ඇති අතර එය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 172.48ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 4.34 ක එනම් සියයට 2.51 ක වර්ධනයකි. 
මෙහිදී උස් බිම් තේ නිෂ්පාදනයේ පහත වැටීමක් සිදුව ඇති අතර, පහළ සහ මැදි වගාබිම් නිෂ්පාදනයේ සහ ග්‍රීන් ටී නිෂ්පාදනයේ පමණක් වර්ධනයක් පෙන්නුම් කර තිබීමත් කැපී පෙනෙයි. 
මේ අතර අගෝස්තු මාසයේදී තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 19.68ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 21.34 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 1.66 ක එනම් සියයට 7.77ක අඩුවීමකි. මෙහිදී ග්‍රීන් ටී හැර අනෙකුත් සියලු‍ම වගා බිම් හි තේ නිෂ්පාදනයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබීමත් කැපී පෙනෙයි.



අදහස් (0)

මුල් මාස අටේදී තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන ඉහළ යාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site